


ගසක හටගන්නා සැම මලකින් ම තෙලිදිය ලබාගත නොහැකිය.. එබැවින් එම මල් සක්‍රිය වන ප්‍රතිකර්ම යෙදිය යුතුයි. ස්‌වාභාවික ප්‍රතිකර්මවලිනුත් සියයට සියයක් ම මල්වලින් තෙලිදිය ලබා ගැනීමට හැකියාවක් නොමැත. එබැවින් රසායනික ද්‍රව්‍ය අඩංගු කැස්‌පර් ප්‍රතිකාරකය හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
කාර්මික තාක්‍ෂණ ආයතනයේ පර්යේෂකයකු වන ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර විසින් සකස් කරන ලද ප්‍රතිකාරකය ඕනෑ ම කිතුල් ගසකට යෙදිය හැකි අතර එමගින් සරු තෙලිදිය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි ය. කැස්‌පර් (KASPER) Kithul Activation and Sap Production Enhancing Reagent) යනුවෙන් මේ ප්‍රතිකාරකය හැඳින්වෙයි.
කිතුල් මල අව්වේ නියමිත ප්‍රමාණයට පදම් කිරීමෙන් පසු කැස්‌පර් ප්‍රතිකාරකය යොදයි. සාම්ප්‍රදායික ක්‍රමයේ දී ගසක පීදෙන සැම මලක් ම මැදීමට හැකියාවක් ඇත. මල් මැදීමට නොහැකි ගස් ඇරපු ගස් යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී මලට යොදන කැස්‌පර් ප්‍රමාණය මලේ දිග හා වට ප්‍රමාණය අනුව වෙනස් වෙයි. කැස්‌පර් ප්‍රතිකාරකය යෙදීම සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිත කරන බෙහෙත් තැබීමට බෙහෙවින් සමාන වන අතර එම ක්‍රියාකාරීත්වයට වඩා සක්‍රිය ස්‌වභාවයක් ගන්නා බැව් පෙනේ.
කිතුල් කර්මාන්ත සංවර්ධනයට අලුතින් හඳුන්වාදී ඇති තාක්‍ෂණයන් ක්‍රමවේද සහ සංකල්ප රැසකි.
ඒවායින් කිහිපයක් නම්,

2.නිෂ්පාදන සදහා ජාත්‍යන්තර වර්ගීකරණ සංකේතාංකයක් යොදා ගැනීම.
3.පැණි හා හකුරු නිෂ්පාදනයට කාර්යක්‌ෂ්ම උදුනක් හදුන්වා දීම.
4.උසස් පලදායිතාවක් ඇති නව ප්‍රභේද හදුන්වා දීම.

6.සීනි මිශ්‍ර කර තෙල්දිය මල හෝ පැණිවල තත්ත්වය බාල කිරීම පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම,
7.පැණිවල සහ තෙලිදියවල බ්‍රින්ස් අගය පරීක්‍ෂා කිරීම.
8.තෙලිදිය රා බවට පත් නොවී කල් තබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දීම.
9.කිතුල් පිටි නිපදවීම සඳහා යන්ත්‍ර වැඩිදියුණු කිරීම.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී, අඹන්ගගකෝරළේ
77777
0 Response to "කිතුල් මල කැපීම"
Post a Comment